කැඩපත

(නො) ඵල

♠ Posted by Unknown in







ගසක් නම් ඵල දැරිය යුතුම ද
වස්සාන කාලයේ
ඵල නොමැති ගස වූව
ගසකි සකි සඳ
ජීවය පොවන මිහිතලේ


මලක් නම් පීදිය යුතුම ද
හිරු දකින උදැහනේ
නොපූදින මලක් වුව
මලකි වන මැද
සුවඳ වගුරන සිසිලසේ

ගැහැණියක නම්
ඵල දැරිය යුතුමද
සසර සරනා හැම බවේ
ඵල නොහැකි ගැහැණිය ද
ගැහැණියකි මනුලොව
ජීවය පොවන මිනිසත් බවේ

Jilla

♠ Posted by Unknown in



         යාළුවනේ ඔන්න මං තවත් චිත්‍රපටියක් කතාවක් අරගෙනම ආවා.. මේක නම් දමිළ සිනාමා පටයක්. දමිළ සිනමාවේ සුපිරි තාරකාවක් තමයි රංගනයෙන් දායක වෙන්නේ....චිත්‍රපටියේ නම තමයි 'Jilla' . ගොඩක් අය මේ චිත්‍රපටිය නරඹලා ඇති, එත් ඔන්න තාමත් බැලුවේ නැති අයට කැඩපතේ අපත් සමඟ මේ චිත්‍රපටිය බලන්න එකතු වෙන්න කියලා මං ආරාධනා කරනවා. රංගනයෙන් දායක වන්නේ විජෙයි කුමාර් සමඟ කාජල් අග්‍රවාල් (මගධීරා එකේ කෙල්ල කිවුවාම ඹනේ කෙනෙක් දන්නවා නේද.). විජෙයි ගේ අලුත්ම චිත්‍රපටිය කිවුවොත් නිවැරදි. හාස්‍යෝත්පාදක සිනමා කෘතියක් කිවුවොත් වඩාත් නිවැරදියි.

         ඉතිං චිත්‍රපටියේ කතාවත් පෝඩ්ඩක් කියන්නම්....ශක්ති (විජෙයි) ට කුඩා කාලයේ දී ම පොලිස් නිළධාරියකු නිසා තමන්ගේ පියා අහිමි වෙනවා. ඉන් පස්සේ ශක්තිව හදා ගන්න ගන්නේ එයාගේ පියා වැඩ කරපු කල්ලි නායකයා. පුංචි කාලේ ඉදන්ම මේ කෙනා ශක්තිට පිය සෙනෙහසේ අඩුව නොදැනෙන තරමට ම ආදරේ කරනවා. තමන් ගේ දරුවකු සේම හදා වඩා ගන්වා, ආදරයේ කිසිතු වෙනසකින් තොරව. තමන්ගේ දුව පුතා වගේම ශක්තිව හදා වඩා ගන්නවා. හැබැයි ශක්තිට පොඩි අවුලක් තියෙනවා පොඩි කාලේ ඉදන්ම.. පොලිසියේ අයව පේන්න බෑ, තමන්ගේ පියාට කළ වරද නිසා. පොලිස් නිළධාරියකු දුටු සැනින් උරණ වෙන ශක්ති ට ඇත්තටම ආසාධරණ වෙනුවෙන් පෙනී සිටින්නට තමන්ගේ ප්‍රතිපත්ති වලට තමන්ටම එරෙහි වෙන්න සිදු වෙනවා. ඇත්තටම ශක්තිට තමන්ගේ ඇතුලාන්තයට එරෙහිව නැඟි සිටිය හැකි ද....... නැතිනම් දෛවය එයට ඉඩ දේවිද... 

        එතනින් එහාට කතාව බලන්න නම් ඔයාට මේ චිත්‍රපටිය නරඹන්න ම වෙනවා. චිත්‍රපටිවෙය් මුල සිට අවසානය දක්වාම හිනා වෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක්.




ආදරේ වෙනුවෙන් .!

♠ Posted by Unknown in
ඔබේ ආදරවන්තියට හැමදාමත් ආදරේ කරන්න, එයා වැඩියෙන්ම ආසා වුනත් කවදාවත් වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්....

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න. 
 2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න. 
 3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න. 
 4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න. 
 5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න. මේ දේවල් අමතක කරන්නත් එපා . . . 
 6. ඇයව වැළඳගන්න. 
 7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම       ඇයට සතුටක්.   
 8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න. 
 9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි. 
 10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී . . . 
 11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න. 
 12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න. 
 13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න. 
 14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති. 
 15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ? 
 16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න. 
 17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න. 
 18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න. 
 19. ඇය ලස්සන බව ඇයට පවසන්න. 
 20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න 
 21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න. 
 22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා. 
 23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න. 
 24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න 
 25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා 
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා. 
 27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා. 
 28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න. 
 29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න. 
 30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි. ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි 
 31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න. 32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න. 
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න. 
 34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න. 
 35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න 
 36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න. 
 37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න. 
 38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න. 
 39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න. 
 40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
 41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න. 
 42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න. 
 43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න. 
 44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න. 
 45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....\ ඔබ කවදා හරි දැන ගනිවි ඇයට අවශ්‍යය වු විට ආදරයක්

සිනමාව

♠ Posted by Unknown in


සිනමාව

ඇත්තටම සිනමාව කියන්නේ මොකක්ද.....සිනමාව යනු කුමක් ද කියන ප්‍රශ්නාර්ථය ඉදිරියේ මට දැනෙන එකම නිර්වචනය නම් ජීවිතයේ තවත් රූපාත්මක කැටපතක් ලෙසයි. ඇත්තෙන්ම එය හරි අපූරුවට ජීවිතය හුවා දක්වන මාධ්‍යයයක්. 2014 වර්ෂය වෙන කොට ලෝකයේ සම්පූර්ණ ජනගහනය බිලියන 7 සීමාව පසුකර තිබෙනවා. ඉතිං මේ ජීවිත බිලියන හත සිතන්නේ, පතන්නේ බිලියන හත් ආකාරයකට. ඒතකොට ඔවුන්ගේ ජීවන රටාවන් ඇවතුම් පැවතුම් සහ සබඳතා සංකීර්ණ වන්නා සේම ඒවා ගිණිය නොහැකි තරම්.......ඉතිං “සිනමාව“ බිලියනක හතකගේ ජීවිත වලින් අංශු මාත්‍රයක් අප සැමගේම දෑස් ඉදිරියේ කැටපත් කරන හරි අපූර්ව වූ මාධ්‍යයක්..
ඉතිං අද පටන් කැඩපතේ යාළුවොත් එක්ක ජීවිතේ බෙදා ගන්න, සිනාමාවෙන් බිඳක් ඔබ වෙත රැගෙන එන්න මං බලාපොරොත්තු වෙනවා. වින්ඳනීය සිනමාවක සොඳුරු අත්දෑකීම් බෙදා ගන්න හැමදාමත් කැඩපතට එන්න කියලා මං ආරාධනා කරනවා. 

ඔබේ හිතට සමීපතම, ඔබට දැනුණු එවැනි සිනමා රූපකාව්‍යන් පිළිබඳ ඔබේ අදහස් කැඩපතේ අපත් සමඟ බෙදා ගන්න එන්න.......!